මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ අක්කර 05 ට අඩු පොල් වගා සහනාධාරය යටතේ අක්කර 550 ක වගා ඉලක්කයක්ද , පොල් පුනරුත්ථාපන සහනාධාර වැඩ සටහන යටතේ පොල් පැල 8,000 ක වගා ඉලක්කයක්ද , “කප්රුක පුරවර” ගෙවතු වගා වැඩසටහන යටතේ පොල් පැල 15,000 ක ඉලක්කයක්ද “කප්රුකයි පරපුරයි” වැඩ සටහන යටතේ පොල් පැල 22,000 ක්ද “දිවිමගට කප්රුක” වැඩසටහන යටතේ පොල් පැල 16,000 ක වගා ඉලක්කයක්ද “කප්රුකයි සිප් නැණයි” වැඩ සටහන යටතේ පොල් පැල 8,000 ක ඉලක්කයක් ද වශයෙනි.
මීට අමතරව පොල් වගාව ආශ්‍රිත ගවගාල් සහනාධාර වැඩසටහන යටතේ ගවගාල් 10 ක් ඉදිකිරිමට ද සැලසුම් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.