දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ඵලදායිතා කව අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම අවුරුදු උත්සවය මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගිවිමට නියමිතය.
මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත සහ ඵලදායීතා කව ඒකාබද්ධව මෙම බක් මහ උළෙල සංවිධානය කරනු ලැබේ.
ශක්ති, එකමුතු, තුළිත, ප්‍රදීප, අලුත් අස්වැන්න, දක්ෂිණ, සමෘද්ධි, සමගි, සංඛ්‍යාන, හිරු, වීර හා විනිවිද යනාදී ඵලදායීතා කව මේ සඳහා සහභාගිවීමට නියමිත ය.
මෙහි දී අවුරුදු ක්‍රීඩා හා ජන ක්‍රීඩා විසි හයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.