ඒ තුළින් මෙවර කන්නයට පොහොර මිළදී ගැනීම සදහා රජය මගින් ලබා දෙන මුදලින් ගොවීන්ට තදබදයකින් සහ හිඟයකින් තොරව පොහොර ලබාදිය හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙන අතර පසුගියා දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
පොහොර අලෙවි කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ යටතේ පොහොර අලෙවි කරන සෑම වෙළෙන්දෙක්ම ඒ සඳහා පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය ලබා ගත යුතුය. පොහොර අලෙවි කිරීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන්ට යටත්ව පොහොර ලේකම් කාර්යාලය මගින් අදාළ ලියාපදිංචිය නොමිලේ ලබා දෙනු ලබයි. මහනුවර දිස්ත්‍රික්කය තුළ දැනට පොහොර අලෙවි කිරිම සදහා වෙළෙන්දන් 30 දෙනෙක් ලියාපදිංචි වී සිටි. තවත් 20 පිරිසක් ලියාපදිංචිය සඳහා අයදුම්කොට ඇත. ලියාපදිංචිය සදහා අයදුම් කොට සිටින පිරිසටද කඩිනමින් එම අවසරය ලබා දෙන්නේ නම් කිසිදු අපහසුවකින් තොරව එළඹෙන යල කන්නය සඳහා පොහොර බෙදා හැරිය හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.
වෙළද සැල්වලට බෙදා දීම සඳහා අවශ්‍ය තරම් පොහොර තොග ගබඩා කර ගැනීම මහනුවර දිස්ත්‍රික්කයට පොහොර බෙදා හරින පොහොර සමාගම්වල වගකීම බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා ගොවිජන සේවා මධ්‍යස්ථාන වලටද ඉල්ලුමට සරිලන ලෙස පොහොර නිකුත් කරන ලෙසද දැනුම් දෙන ලදී. රජයේ නිලධාරින් තනතුරු දරමින් වැටුප් ලබන්නේ මහජනතාව පීඩාවට පත් නොකොට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාව නිවැරදිව දැනුවත් කිරීමද රජයේ නිලධාරීන්ගේ වගකීම බව සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා පොහොර බෙදා හැරීමට මහිංගමනය, ගම්පොල මාතලේ, කුණ්ඩසාලේ සහ මහනුවර ගුඩ්ෂෙඩ් යන ගබඩා හයක් පවතින අතර, එම ගබඩාවල දළ වශයෙන් මෙට්‍රික් ටොන් 3,000 ගබඩා කළ හැකි බව සහකාර අධ්‍යක්ෂ සේනාරත්න මහතා පවසයි. මෙවර යල කන්නය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ගොවීන් 28,917 දෙනෙක් සදහා හෙක්ටයාර් 11,293 වෙනුවෙන් පොහොර සහනාධාරය ලැබෙන අතර, ඒ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 143,037 කි. එහිදී ලංකා බැංකුව සහ මහජන බැංකුව ඇතුළු වානිජ බැංකු 10 කින් පොහොර සහානාධාර මුදල ලබා දීමට කටයුතු යොදා තිබේ.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ජේ.සි. රණේපුර, දිස්ත්‍රික් කෘෂිකරම් අධ්‍යක්ෂ එච්.ආර්.ජී.බී එරබදුපිටිය යන කමිටු සමාජිකයන් ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කෘෂිකර්ම කමිටුව සඳහා සහභාගී වූහ.