වී, බිත්තර වී, එළවලු හා පළතුරු වගාවන් පිළිබඳ ප්‍රගතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඉදිරිපත් කිරීම නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජී.ජී.පී.පී.ද සිල්වා මහත්මිය විසින් සිදු කරන ලදී.
වී වගාවේ ප්‍රගතිය ඉලක්කගත ප්‍රමාණයට වඩා අඩු වී ඇති බව මෙහි දී අනාවරණය විය.අධික වර්ෂා කාලය,පුරන් කුඹුරු නැවත වගා කිරීමට යාමේ දී වල් මර්දනය සදහා වල් නාශකයක් නොමැතිකම, හැල් සහ අර්ධ හැල් කුඹුරු සදහා සුදුසු යන්ත්‍ර නොමැති වීම මෙම ප්‍රගතිය අඩු වීමට හේතු වූ බව කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය පැවසුවාය.
එහෙත් පළතුරු ඉලක්කය ඉක්මවා වගා කර ඇති බවත් එළවලු ඉලක්කගත ප්‍රමාණයට වඩා යම් ප්‍රමාණයක් අඩු වූ බවත් ඇය වැඩි දුරටත් සදහන් කළාය.
AP/DMU-Colombo