උදෑසන පැවති බයිසිකල් ධාවන තරගය සහ මැරතන් ධාවන තරඟය ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ සමාරම්භක සංඥාවෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ විය.
පිරිමි මැරතන් ධාවන තරගයේ පළමු ස්ථානය එම්. කේ. සමන්ත කුමාර, දෙවන ස්ථානය ජී ආර් දිලීප් කුමාර, තෙවන ස්ථානය වසන්ත කුමාර යන ක්‍රීඩකයන් විසින් දිනාගත් අතර කාන්තා මැරතන් ධාවන තරඟයේ පලමු ස්ථානය ශර්මිලා මෙනවිය විසින් දිනාගත් අතර එම්. ජේ. මල්ශානි විසින් මෙහි දෙවන ස්ථානය හිමි කර ගත්තේය.
බයිසිකල් ධාවන තරගයේ ප්‍රථම ස්ථානය දර්ශන ගුණතිලක විසින් දිනා ගත් අතර ඒ.පී. නිශාන් ලංකා විසින් දෙවන ස්ථානයත්, උදේශ් දිමුතු චතුරංග විසින් එහි තෙවන ස්ථානයත් දිනාගන්නා ලදී.
ගාල්ල දිස්ත්‍රික් බක්මහ අවුරුදු කුමරිය ලෙස අභිශේක ලද්දේ නිපුණි සංචලා හේවා රාජරත්න මෙනවියයි. ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සහභාගී වී සිටියේ ය.