නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළඳුන් 15 කට නඩු

    අප්‍රේල් 18, 2016
    සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන් පහළොස් දෙනෙකුට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය කටයුතු කර තිබේ.
    මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම හා අලෙවි කිරීමට ප්‍රදර්ශනයට තබා තිබීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකිණීම, බිල්පත් ලබා නොදීම, රජයෙන් වරින් වර නිකුත් කරන විධාන කඩ කිරීම,වගකීම් සහතික ලබා නොදීම, පාරිභෝගිකයා රැවටීම සහ පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම ආදී වැරදි සඳහා සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ වැටලීම් පනස් හතක් සිදු කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව මෙම නඩු පැවරීම් සිදු කර ඇත. 
     
    මීට අමතරව මේ වන විට අප්‍රේල් මාසයේ පාරිභෝගික වැරදි සඳහා රුපියල් දස දහසකට අධික මුදලක් දඩ මුදල් වශයෙන් අයකර ගෙන තිබේ.
     
    AP/DMU- Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya