මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා,අපගේ ඉලක්කය රාජ්‍ය සම්පත් හා අරමුදල් භාවිතයෙන් උදාගම් 200 ක් තනා නිම කරන්නයි. ඊට සමගාමීව පුද්ගලික දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් තවත් උදාගම් 200 ක වැඩ ආරම්භ කරන බවත් මේ වසර අවසානයට පෙර " පණ්ඩුලපුර" හා "සඟබෝපුර " යන නමින් තවත් උදා ගම්මාන 2 ක් ඇති කරන බවත් පැවසීය.
මුලතිව් දිස්ත්‍රික්කයම ආවරණය කරමින් පවුල් 200 කට අද විසිරි නිවාස ණය ලබා දීම හා තවත් පවුල් 200 කට සිමෙන්ති ආධාර ලබා දීම,ඔප්පු නොමැතිව ජීවත්වන පවුල් 100 කට පදිංචි ඉඩම් සදහා ඔප්පු ලබා දීම සිදු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
AP