නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුදුරේදීම විදුලි දුම්රිය ඉදි කිරීමට පියවර

    අප්‍රේල් 13, 2016

    ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ විප්ලවකාරී පියවරක් තබමින් විදුලි දුම්රිය නුදුරේදීම ඉදි කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


    ආසියානු සංවර්ධන බැංකුවේ උපකාර ඇතිව දුම්රිය විදුලි කරන වැඩපිළිවෙලක් දියත් කරන බවත්  විශේෂයෙන්ම වේයන්ගොඩ සිට  මීරිගම , පානදුර දක්වා මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන අතර ඒ අනුව පානදුර දුම්රිය ස්ථානය විශේෂ දුම්රිය ස්ථානයක් ලෙස දියුණු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    බස්නාහිර පළාතේ ප‍්‍රවාහන මධ්‍යස්ථාන 05 ක් අපි ඉදිකරන අතර කොට්ටාවේ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරමින් තිබෙන බවත්  පානදුර, කඩවත, කටුනායක සහ කොටුව, පිටකොටුව ප‍්‍රදේශයන්හි මෙම ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථාන කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya