වටවල ප්‍රාදේශීය වැවිලි සමාගමට අයත් ගාල්ල උඩුගම හොමදොළ වත්ත අංක 01 කොටසේ අලුතින් ඉදිවන ‘හරිත රන් නිවාස යෝජනා ක්‍රමය’ ට මුල්ගල තැබීම ද අමාත්‍යවරයා අතින් සිදු වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කඳුරට වන ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් එක් වතු කම්කරු පවුලක් වෙනුවෙන් වෙනම පර්චස් අටක පමණ ඉඩමක් හා නිවසක් ඉදිකොට හිසට සෙවන හිමිවන වතු කම්කරුවාගේ ජීවන රටාව වෙනස් මගක් ඔස්සේ දියුණු කරවීමට රජය සමත් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“පර්චස් හත අටක භූමියක් තුළ ගෙයක් හදල වෙනම පවුලක් ලෙස ජීවත් වීමට හැකි පරිසරයක් වතු කරම්කරුවාට ද අනෙක් ජනතාවට හා සමානව දියුණු විය යුතු බව ද ඒ මහතා සඳහන් කළේය . අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. “අද ඔබ සැමට නිවසක සිහිනය සැබෑ කිරීමට වැඩකටයුතු ආම්භවෙන දවස. වැඩි කල් යාමට පෙර හිසට සෙවනක් සහිතව නිවසක අයිතිය ඇතිව දරුපවුල සමග සතුටින් ජීවත්වෙන්න පුලුවන් පරිසරය උදාවෙනවා කියන විශ්වාසය ඔබට අද ලබාදෙනවා. අපි මීට පෙරත් දැක්ක මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුනට පසුව වතු කම්කරු ජනතාව ඒ නිවාස ටයිල් කරල, ගෙදරට රූපවාහිනයක් අරන්, ශීතකරණයක් අරගෙන ඉතාම හොදට සකස්කරගෙන තිබෙනවා. වතු කම්කරුවා කියල වෙනසක් නැහැ අනිත් ජනතාව සමග සමානව දියුණුවෙන්න ඕන. එකට නැගිටින්න ඕන පිරිසක් කියනඑක තමුන්නාන්සේලා මතක තියාගන්න ඕන”
මෙම අවස්ථාව සදහා කදුරට වන ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනී තිගාම්බරම්, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙන්ම නිවාස හිමිකාරිත්වය අපේක්ෂිත වතු කම්කරු ජනතාව එක්වූහ.