නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා මත්ස්‍ය තහනම කඩිනමින් ඉවතට

    අප්‍රේල් 16, 2016
    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට යලි වසන්තය උදාවේ.
    යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබු මත්ස්‍ය අපනයන තහනම ඉතා නොබෝ දිනකින් ඉවත් කරගැනීමට හැකියාව උදාවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍යය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    මේ පිළිබඳ බ්‍රසල්ස් නුවර දී සාකච්ඡාවක් පැවැත්විණු අතර ඒ සදහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම් අධිකාරි මහත්මිය ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් සහභාගි වූහ. එරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් නිසියාකාරව ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන තත්වයක් හමුවේ වුවද සාකච්ඡා සඳහා සහභාගි වූ ලංකාවේ නියෝජිත කණ්ඩායම යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගැනීම සඳහා වන ඉතා යහපත් ප්‍රතිචාරයක්  යුරෝපා සංගමයේ නියෝජිතයින්ගේන් ලබාගැනීමට සමත්වූහ.
     
    වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මනා කලමනාකරණයක් යටතේ  අන්තර්ජාතික නීති රිතින් අනුගමනය කිරීමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ නිපුණත්වයත් මත මෙවැනි ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හැකිවිය.
     
    මෙම තහනම ඉවත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති වන බවත් එමඟින් ධීවර ජනතාවට වැඩි ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව හිමිවන බවත් එය දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශාල පිටුවහලක් වනු ඇති බවත් සඳහන් කළ  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා වත්මන් යහපාලන රජය බලයට පත්වූ අවස්ථාවේ සිටම ගැටළුව නිවැරිදිව හඳුනාගෙන ඊට නිසියාකාරව විසඳුම් ලබාදීමට කටයුතු කිරීමේ ප්‍රතිපල සමස්ථ රටටම භුක්ති විදීමට හැකියාව යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වීමත් සමඟ උදාවන බව අවධාරණය කළේය.
     
    AP
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya