නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික වැසි හා සුළං නිසා රත්නපුර හා කුරුවිට නිවාස රැසකට අර්ධහානි

    අප්‍රේල් 05, 2016
    ඊයේ (4)වැනි දින අධික වැසි හා සුළං හේතු කොට ගෙන රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව නගරය, මලංගම, ඇල්ලේගෙදර, මීහිටිය, කොස්පැලවින්න යන ග්‍රාමසේවා වසම්වල නිවාස 24කටත්, අධික වර්ෂාව, පස්කඳු කඩා වැටීම් හා අකුණු තත්ත්වයන් නිසා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නඩුකාරදෙනිය, බටහිර කාහේන්ගම කිතුල්පේ, බටහිර පත්බේරිය යන ග්‍රාමසේවා වසම්වල නිවාස 29කටත් අර්ධ හානි සිදු වී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා සඳහන් කරයි.
    ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ රත්නපුර දිස්ත්‍රික් ඒකකය වෙත වාර්තා වී ඇති පරිදි ‍ මෙසේ ආපදාවට ලක්ව ඇති රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  පවුල් 24ක සාමාජිකයන් 93ක් සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 29ක සාමාජිකයන් 112 දෙනෙකු සඳහා මේ වනවිට අදාළ ප්‍රාදේශිය ලේකම්වරුන් මඟින් අවශ්‍යතාව පරිදි මූලික සහන සේවා සිදුකරමින් පවතින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට පැවසීය. 
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya