නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියා සංකල්පය ගම් මට්ටමින් තේරුම් ගෙන නෑ.- රත්නපුර දිස්ත්‍රික් ලේකම්

    අප්‍රේල් 05, 2016
    ජාතික සමගිය හා සංහිඳියාව සංකල්පය ‍රටේ ඉහළ මට්ටමේ සාකච්ඡාවකට බඳුන් වී තිබුන ද ගම් මට්ටමින් තාම හරියාකාරව තේරුම් ගෙන නැති බවත් එසේ තේරුම් ගන්නේ නම් නිලධාරියකු ලෙස අපට හොඳින් සේවය කළ හැකි යැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය. 
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යංශය පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැ‍ඩසටහනකදීය.
     
    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා සංහිඳියාව ඇති කිරිමට නම්  නිලධරයා සෑම විටම කැප කිරීම් කිරිමට සූදානම් විය යුතුය. දකුණේ නිලධාරින් උතුරේ සේම උතුරේ නිලධාරින් දකුණේ සේවය කිරිමටත් පුහුණු අවස්ථා ලබා දිමත් කල යුතුය. රාජ්‍ය නිලධාරියා අභියෝගවලට මුහුණ දිය යුතුය.
     
    අපි අතීත‍යේ හොඳ දේ පමණක් මතක තියා ගෙන නරක දේ අමතක කර යුතුයි. එවිට සංහිඳියාව ඇති කිරිමට පහසු මඟක් වෙනවා. ආනන්ද කුමාරස්වාමි සිංහල කලාවේ අගය ලෝකයටම කියු ද්‍රවිඩ ජාතිකයෙක් බව අප අමතක කළ යුතු නැත.
     
    සංහිඳියාව වෙනුවෙන් පෙනි සිටින ඕනෑම ආයතනයකට, සංවිධානයකට තමාගේ උපරිම සහය ලබා දෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙහිදි අදහස් දැක්වූ සංහිඳියාව සඳහා වු සමඟි සන්ධාන කාර්යාලයේ සභාපති මහාචාර්ය රංජිත් සෙනෙවිරත්න මහතා,
    වසර 30 ක් පමණ පැවැති යුද්ධයෙන් කැඩි බිඳි ගිය විඩාවට පත් ජනතාවගේ ප්‍රශ්න දෙස ආමන්ත්‍රණය කරමින් සියළු ජන කොටස්වල සංහිඳියාව ඇති කිරිම සඳහා ක්‍රමවත් කෙටි කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය වීඇත.
     
    යුද්ධයෙන් වීඩාවට පත් ජනතාව මානසික ගැටළු රාශියකට ගොදුරු වී ඇත. මේ නිසා සමාජය හැකි ඉක්මනින් සුවපත් කිරිමේ කාර්යය කල යුතුය. වෛරය, සැකය අද සමාජය තුළ පැතිරි තියෙනවා. යුද්ධය නිසා අද බොහෝ දෙනෙකු හිතක් පපුවක් නැති මිනිසුන් ගානට කටයුතු කරනවා.මේ නිසා සමාජය සුවපත් කිරිමේ කාර්යය සඳහා අප යොමු විය යුතුයි.
     
    සියළු ජන කොටස් රාජ්‍යයෙන් බැහැර කර නොගෙන සියළු කොටස් ඒකරාශි කරගත යුතුයි. සියළු රාජ්‍ය ආයතන භාෂාව ඇතුළුව ප්‍රතිසංස්කරණයට ලක් කල යුතු යැයි  ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මේ අවස්ථාවට ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යංශයේ නිලධෘරින් ද රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක්  ද සහභාගි විය. 
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya