හම්බන්තොට, බරුතකන්ද සූර්යබල උද්‍යානයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා මේ බව පසුගියදා අවධාරණ කළේය.
විදුලිබල ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් නිවාස දසලක්ෂයකට සූර්යබල පද්ධති ලබාදෙන්න තීරණය කර තිබෙන අතර මේ ස්ථානය තමයි ලංකාවේ පළමු සූර්යබල උදානය වන බවත් මේ වනවිට මෙමගින් මෙගාවොට් 1.2 ක් විදුලි ධාරිතාවක් ඉන් නිපදවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙය පරිසර මිතුරු ව්‍යාපෘතියක් වන සූර්යය නොමැති අවස්ථාවලදී පද්ධතියේ සමතුලිතතාවය රැක ගැනීම වෙනුවෙන් ද නවීන තාක්ෂණය අනුව කටයුකු කරන බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේදී පුනර්ජනනීය බලශක්තියේ වෙනසක් සිදු වන බව ද සඳහන් කළේය.