නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුද්ධි තොරතුරු විශ්ලේෂණයට නව කාර්යාංශයක්

    අප්‍රේල් 03, 2016

    අපරාධ බුද්ධි ‍තොරතුරු විශ්ලේෂණ මධ්‍යම කාර්යාංශයක්  අපරාධ වාර්තා කොට්ඨාසයේ (ඇගිලි සලකුණු කාර්යාලය) ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර එය විවෘත කිරීම හෙට (04) සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.


    එහිදී දිවයිනේ වාර්තා වන ග්‍රහන අපරාධ තොරතුරු දෛනිකව පොලිස් ස්ථාන මට්ටමින් VPN තාක්ෂණය ඔස්සේ ලබා ගෙන රැස් කිරීම සහ එම දත්ත විශ්ලේෂණය කර හඳුනා ගත් අපරාධ ක්‍රමවේදයන් සහ වර්ධනය වීම් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් දැනුවත් කිරීමේ යනාදී කාර්යයන් සඳහා මෙම කාර්යාංශය ස්ථාපිත කෙරේ.


    මෙම විවෘත කිරීමේ උත්සවය නීතිය හා සාමය සහ දක්ෂින සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ද සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya