නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන්න ප්‍රදේශයට පොලිස් ස්ථානයක්

    අප්‍රේල් 02, 2016
    තංගල්ල රැකව ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත පොලිස් ස්ථානය රන්න ප්‍රදේශයේ ඉදි කිරීමට කටයුතු කරන්නයැයි හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
    ඒ සඳහා අවශ්‍ය ඉඩම රන්න ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙන බැවින් රැකව ප්‍රදේශයට වඩා ජනතාව ගැවසෙන දිනෙන් දින දියුණු වන මේ ප්‍රදේශය සෑම දෙනාටම පහසු තැනක් බැවින් පොලිසීය සුදුසු රන්නට බව අමාත්‍යවරයා පැහැදිලි කර දුන්නේය.
     
    මේ සඳහා 2016 සංවර්ධන වැඩ සටහන යටතේ ඉදිකිරීම් සිදු කරන ලෙස උපදෙස් දුන් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේද පොලීසියක් ඉදිකිරීමට කටයුතු කරන බවයි.  මේ ප්‍රදේශ දෙකටම පොලීසී දෙකක අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුනි. 
     
    පසුගියදා හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ ද නව පොලිස් ස්ථානයක් විවෘත කෙරුණු අතර වීරකැටිය, බෙලිඅත්ත, වලස්මුල්ල රෝහල් වල සහ එම රෝහල්වල නේවාසික රෝගීන්ගේ  ආරක්ෂාව සඳහා ද පොලීසියේ නිලධාරීන් යොදවන ලෙස රාජ්‍ය ඇමතිවරයා මෙහිදී උපදෙස් ලබාදුනි.
     
    AP/DMU-Hambanthota
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya