දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව දැනට පානීය ජල ගැටලුව මතුවී ඇති වාද්දුව, වස්කඩුව, කළුතර, බේරුවල, අලුත්ගම හා දර්ග නගරය වැනි ප්‍රදේශවල පිහිටුවා ඇති ජල ටැංකි ප්‍රමාණය වැඩි කෙරෙන අතර දැනට තිබෙන ටැංකි 140 ටැංකි 240 දක්වා වැඩිකර ඇත.
ජල සම්පාදන මණ්ඩලයේ මොරොන්තුඩුව ජල සැපයුම් මධ්‍යස්ථානය වෙත පැමිණෙන ඕනෑම ජල බවුසරයක් සඳහා නිවැරදි හඳුනාගැනීමකින් පසු ජලය නොමිළේ සැපයීම සිදු වන අතර රෙමුණගොඩ ප්‍රදේශයේ තාවකාලික ලවණ බාධකයක් ඉදිකිරීම ද දැනටමත් ඉදිකරමින් පවතී.
තව ද කුඩා ගගේ වතුර කෙත්හේන ජල පවිත්‍රාගාරයට ගෙන පිරිසිදු කර පානීය ජල ගැටළුව පවතින ප්‍රදේශවලට බෙදාහැරීම සහ වැලි ගොඩ දැමීම විධිමත් පාලනයකට සකස් කිරීමට යොජනා වී තිබේ.
දීර්ඝ කාලීන විසඳුමක් ලෙස රු. මිලියන 2000 කට වැඩි වියදමකින් ස්ථිර ලවණ බාධකයක් ඉදිකිරීමට යෝජනා කර තිබෙන තිබෙන අතර මේ සඳහා පරිසර අධ්‍යයන දැනටමත් සිදුකෙරෙමින් පවතී.
එසේම පානීය ජල ගැටලුව පවතින ප්‍රදේශවල ජනතාවට පහත සඳහන් දුරකථන අංක අමතා ජල පහසුකම් සපයා ගත හැකිබව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
දුරකථන අංක : 0342223079 / 0773261040 / 0729935780