අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2014 හා 2015 වර්ෂවලදි රත්නපුර දිස්ත්‍රික්කයේ විපතට පත් පිරිස සවිබල ගැන්විම සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති නිවාස සහනාධාර ලබා දිම හා හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය උපකරණ බෙදාදීමේ වැඩ සටහනකදීය.
පසුගිය 2014 සහ 2015 වසරවල රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැති ගංවතුර, නායයෑම් සහ සැඩසුළං වැනි ස්වභාවික ආපදා හමුවේ පූර්ණ හානි සහ අර්ධ හානියට පත් නිවාස 1,123ක් යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ලබා දෙන රුපියල් ලක්ෂ 156ක වටිනාකමින් යුතු චෙක්පත් බෙදා දීම නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෙසු ආරාධිතයින් අතින් සිදු විය.
මීට අමතරව සහන සේවා කටයුතු සහ ස්වභාවික ආපදාවන්ගෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු සහ පුනරුත්ථාපන කටයුතු කඩිනම් කිරිමේ අරමුණින් දිස්‍ත්‍රික්කයේ ආපදා සහන සේවා නිලධාරින් 17දෙනාටම ටැබ් කට්ටලය බැගින් ලබා දීම, ඔරු අඟුල් 10ක් සහ මෝටර් බෝට්ටු ලබා දීම, මෙන්ම ජීවිත ආරක්ෂක කබා තොගයක් ලබා දීමද මැති ඇමතිවරුන් අතින් සිදු විය.
මෙහිදි අදහස් දැක්වු රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා,ආපදා පෙර සුදානම්,ආපදා ඇතිවෙන අවස්ථාවලදි ඊට මුහුණ දෙන ආකාරය සහ ආපදාවන්ගෙන් පසුව කලයුතු කාර්යයන් පිළිබඳ අමාත්‍යංශයේ විශේෂ වැඩපිළිවෙලවල් සකස්කර තිබෙනවා.දිස්ත්‍රික් මට්ටමින් ආපදාවන්ට මුහුණ දීම සඳහා දිස්ත්‍රික් සැලසුම්,ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමේ සැලසුම් හා ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් ආපදා සැලසුම් කර තිබෙන බවද පැවැසීය.
රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය මගින් මෙය සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතාරණ ඇතුළු පාර්ලිමේන්තු පළාත් සභා මැති ඇමතිවරුන්ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්. මියනවල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් හා ප්‍රතිලාභින් විශාල පිරිසක්ද සහභාගි විය.
AP/DMU - Ratnapura