නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිටී බාලදක්ෂයෝ පින්නවලදී දස්කම් දක්වති

    අප්‍රේල් 02, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ළමා බාල දක්ෂයින්ගේ විශේෂ ක්‍රියාකාරකම් කදවුරක් පසුගියදා පින්නවල සත්වෝද්‍යානය කේන්ද්‍රව පැවැත්විණි. 
    කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප තුනම ආවරණය වන පරිදි ළමා බාල දක්ෂයින් මේ සදහා සහභාගි වුහ.  වැඩ සටහන කණ්ඩායම් හතරක් යටතේ එක දෙක වසර වල ළමා බලදක්ෂයින් දහසකට ආසන්න පිරිසක්  මෙහිදී ක්‍රියාකාරකම්  සිදු කරන ලදී. මේ සදහා දරුවන්ගේ දායකත්වය ඉතා විශාලය. එසේම ඔවුන්ගේ උනන්දුව  දිරි ගන්වන සුළුය. 
     
    සර්ප සංදර්ශනය හා සර්පයින් ඇදීම, සුරතල් සත්ව මළුව නැරඹිම සහ සුරතල් සතුන් නිර්මාණය, මුව අරණ නැරඹිම හා රූප පාට කිරිම, වැනි ක්‍රියාකාරකම් සිදු කරන  ලදී. මේ පිළිබදව අදහස් දක්වු කෑගල්ල දිස්ත්‍රික් බාල දක්ෂ කොමසාරිස් දීපාල් ගුණවර්ධන මහතා පවසමින් සිටියේ මෙවැනි වැඩ සටහන් වලින් පාසල තුලින් හොද බාලදක්ෂයෙකු අනාගතයේදී බිහි කිරිම ප්‍රධාන අරමුණක් බවයි. 
     
    ශ්‍රි ලංකා බාල දක්ෂ සංගමයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය , පින්නවල සත්වෝද්‍යානය එක්ව මෙම වැඩ සටහන පැවැත්වනු ලැබීය. 
     
    AP/DMU-Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya