කාබනික වගාවන් සඳහා මේ වන විට ගොවියන් තුළ විශාල උද්යෝගයක් තිබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
කාබනික වී කිලෝවක් රුපියල් 60කට මිළදී ගැනීමට රජය තීරණය කර තිබෙන බවත් වස විසෙන් තොර සහල් කිලෝවක් රුපියල් 200-300 අතර මුදලක දැනට වෙළෙඳපොළෙහි අලෙවි වන අතර එය රුපියල් 150 ක් වැනි පාරිභෝගියට ලබා ගැනීමට ද මෙම වැඩපිළිවෙළ යටතේ අවස්ථාව ලැබෙන බවත් රතන හිමියන් පෙන්වා දුන්නහ.
කොහොඹ පැල දස ලක්ෂයක් සහ ගිරිසීඩියා දස ලක්ෂයක් සිටුවීමට කටයුතු යොදා ඇති අතර ඒ තුළින් කොහොඹ වලින් සැදූ කෘමිනාශක භාවිතයට ගොවියන් යොමු කිරීමට බලාපොරොත්තු වේ.
වී ගොවියාට කුඹුරු අක්කරයක් වගා කිරීම සඳහා රුපියල් 30,000 ක මුදලක් වැය වන අතර වසවිසෙන් තොරව එම වගා කිරීම සඳහා වැය වන්නේ රුපියල් 15,000ක මුදලකි.
අස්වැන්නෙහි අඩුවක් තිබුණද වසවිසෙන් තොරව වගාවන් සිදු කිරීම ගොවියාට ලාභදායක බවට රතන හිමියන් වැඩිදුරටත් පැවසුහ.