නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වස විසෙන් තොර ඖෂධ පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මාතර දී

    අප්‍රේල් 01, 2016
    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් අලුතින් ආරම්භ කරන ලද නව ශාකසාර ඖෂධ නිෂ්පාදනාගාරය මගින් මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන වස විෂ නැති ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රමිතියෙන් යුතු ආයුර්වේද ඖෂධ වර්ග ආයුර්වේද රෝහල් හා බෙහෙත් ශාලා වලට පමණක් නොව පෞද්ගලික වෙළඳ පොලට ද නිකුත් කිරීමට සංස්ථාව පියවර ගෙන ඇත.
    මෙම නිෂ්පාදනයන් පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා මහ ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ. එහි මාතර දිස්ත්‍රික් වැඩසටහන අද පෙ.ව. 9.00 මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. 
     
    ජීවාලේප බාම්, වෙනිවැල් බොඩි වොෂ්, සුදුහඳුන් ෆේස් වොෂ්, කෝමාරිකා ෂැම්පු, කුරුඳු තේ, ඉරමුසු තේ, රණහංස රසායනය, කෝමාරිකා පානය, නෙල්ලි පානය හා ධාරණී සිරප් ඇතුළු ඖෂධ වර්ග අලෙවි සැලක් ද පැවැත්වීමට සැලසුම් කොට ඇත.
     
    මේ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් අධ්‍යක්ෂ වරුන්, කෘෂිකර්ම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහ දේශීය වෛද්‍ය වරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය. 
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya