සමස්ත මිරිදිය ජීවි හා ජලජීවී වගා ප්‍රජාව ඇගයීම වෙනුවෙන් පසුගියදා මෙම සම්මාන ප්රදානෝත්සවය පැවැත්විණි.
ඒ අනුව, මෙහි විවිධ අංශයන් යටතේ දක්ෂතා හා කැපී පෙණෙන සංවර්ධනයක් පෙන්වූ ධීවරයින් හා ජලජීවී වගාකරුවන් වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අතින් සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය අතින් ද සම්මාන ලබා ගත්තහ.
මෙම අවස්ථාවට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් අමාත්‍ය රවී කරුණානායක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.