එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ බි‍්‍රතාන්‍යයේ යෝක් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පළ කරන ලද “ලෝක සෞඛ්‍ය ඉතිහාසය” නම් කෘතිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පිළිගැන්වීම ද සිදුවිය.
මෙම කෘතිය වසරක් පාසා යාවත්කාලීන කරන අතර, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාථමික සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වර්ධනය පිළිබඳ ලිපි රැසක් මෙවර කෘතියට ඇතුළත්ව ඇත.
මෙහිදී වැඩි වශයෙන් ඖෂධ භාවිතා කිරීමේ අවදානම, ප‍්‍රාථමික සෞඛ්‍යට අදාළ ඉදිරි වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
රාගම වෛද්‍ය පිඨයේ මහාචාර්ය රජිත වික‍්‍රමසිංහ මහතා, සැළසුම් හා කළමණාකරණ සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය නීලමනී හේවාගීගනගේ මහත්මිය යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.