නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතරමැද කන්නයක් වගා කරන්න ජලය දෙනවා- මහනුවර දිස්ත්‍රික් ලේකම්

    මාර්තු 23, 2016
    කන්න රැස්වීම් වලදී ගන්නා තීන්දු තීරණ නිවැරදිව ක්‍රියාත්මක කිරීම සෑම ගොවි මහතෙකුගේම වගකීමක් බවත් කන්න රැස්වීම් වලදි සාමූහිකව ලබා ගන්නා තීන්දු ‍වෙනස් කිරිමට ඉල්ලීම් නොකරන ලෙසත් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර මහතා පවසයි.
    එසේම කන්න රැස්වීම් තීරණ වෙනස් කොකරන්නේ නම් අතරමැද කන්නයක් වගා කිරීමට අවශ්‍ය සියළු ශක්තිය ලබා දිය හැකිබවත් ඔහු වැඩි දුරටත් පවසයි.
     
    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදීය.
     
    සෑම කන්නයක්ම ආරම්භ කිරීමට පෙර ගොවි සංවිධානවල නියෝජිතයන් ඇතුළු සාමාජිකයන් සමග කෘෂිකර්මික ක්ෂේත්‍රයට අයත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන කන්න රැස්වීම ගොවි ගැටළු සාකච්ඡා කොට විසදා ගැනීමට ඇති හොදම ස්ථානය බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා  එම රැස්වීමේදී සෑම ගොවියෙකුටම තම අදහස් දැක්වීමට අවස්ථාව උදා වන බව පෙන්වා දෙන ලදී.
     
    එහිදී රජයේ නිලධාරින් ඊට සහභාගී වන්නේ  තමන්ගේ මත ප්‍රකාශ කිරිමට නොව ගොවි ජනතාවගේ ගැටළු වලට පිළියම් ලබා දීමේ අරමුණෙන් බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා කන්න රැස්වීමේදී එළඹෙන පොදු එකගතාවයන් ක්‍රියාත්මක කිරීමේ වගකීම ගොවි ජනතාවම සතු බව පැවසීය.
     
    පෙර කන්න රැස්වීමේදී එළඹෙන ඇතැම් පොදු සම්මුතින් කඩ කරමින් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන ගොවියන් සුළු පිරිසක් සිටින බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා අනෙකුත් සියළුම ගොවි ජනතාව එයින් පීඩාවට පත් වන බවද පැවසීය. විශේෂයෙන්ම ජලය බෙදා හැරීම සම්බන්ධයෙන් එළඹෙන සම්මුතීන් ගොවි මහතුන් විසින් කඩ කරන බව පැවසූ ඔහු ඇතැම් අවස්ථාවල කාල සටහන් වලින් බැහැරව ජලය ඉල්ලා සිටින බවද පැවසීය.
     
    මෙලෙස කාල සටහනින් බැහැරව ජලය ලබා දීම නිසා ඊළග කන්න වලට ජලය බෙදා දීමට අවශ්‍ය පරිදි වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිසි පරිදි ඉටු කළ නොහැකි වන බවද පැවසීය.  මෙලෙස අනවශ්‍ය ලෙස ජලය ලබා දෙන ලෙස කරන ඉල්ලීම් නිසා අතරමැද කන්නයක් වගා කිරීමට ඇති හැකියාවද අහිමි වන බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා ඒ තුළින් ගොවි ජනතාවගේ ආර්ථිකයටද බලපෑමක් එල්ල වන බව පැවසීය.
     
    එබැවින් ඉදිරි කන්නය සදහා පැවැත්වෙන කන්න රැස්වීම් වලදී තීන්දු ගැනීමට පෙර ඉතා හොදින් සිතා බලා සාකච්ඡා කොට එම තීන්දු ලබා ගන්නා ලෙස ගොවි සංවිධාන සභාපතිවරු දැනුවත් කළ දිස්ත්‍රික් ලේකම්වරයා පෞද්ගලික හේතූන් ඉදිරිපත් කරමින් එම තීරණ වෙනස් කිරීමට ඉල්ලීම් නොකරන ලෙසද පැවසීය. කන්න තීන්දු තීරණ අනුව කටයුතු කරන්නේ නම් අතරමැද කන්නයක් වගා කොට ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයේ නිලධාරීන් වශයෙන් තමන් ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සෑම නිලධාරියෙක්ම කැපවී කටයුතු කරන බවද පැවසීය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya