සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයින් 150ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ.
අද දින හටන් නල්ලතන්නි මාර්ගයේ ශ්රී පාද මළුව දක්වාත් එතැන් සිට හෙට දින බලාබද්දල මාර්ගයේ රත්නපුර දක්වාත් බැතිමතුන් විසින් ඉවතලන කැලිකසල ඉවත් කිරීම ද සිදු වේ.
එසේම එම කැලිකසල නිසි ලෙස ඉවත් නොකිරීම සම්බන්ධයෙන් පරිසරයට සිදු වන හානිය ගැන බැතිමතුන් දැනුවත් කිරීම ද සිදු වේ.
එම එකතුවන කැලිකසල ප්රතිශක්තීකරණය කිරීමට ද කටයුතු යොදා ඇති බව එම මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.