ඔහු එසේ සඳහන් කළේ පසු ගිය දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ආපදා කලමනාකරණ අමාත්‍යංශය මේ වසරේ රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මත කිරිමට නියමිත සැලසුම් පිළිබඳ සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙම සාකච්ඡාවේ දි හෙළිදරව් වූවේ ස්වාභාවික ආපදා වළකාලීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය මේ වසරේ රත්නපුර දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 700 ක් සහ පසුගිය දෙවසර තුළ ස්වභාවික විපත් වලින් හානියට පත් දිස්ත්‍රික්කයේ නිවාස යළි ඉදි කිරිම සඳහා රුපියල් ලක්ෂ 156 ක් වෙන් කර ඇති බවයි. ලක්ෂ 856 ක් තරම් එවන් දැවැන්ත මුදලක් රත්නපුර දිස්ත්‍රික්කයට ඉතිහාසයේ කිසි දා ලැබී නැතැයි ද මෙම සාකච්ඡාව හමුවේ ආපදා සහන සේවා නිලධාරින් සඳහන් කළහ.
මෙහිදි නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කළේ “ වගා හානි වලට වන්දි ගෙවිය යුතු යැයි, ආපදා කළමනාකරණ අමාත්‍යංශයට ද යම් වගකීමක් පැවරි ඇතත් මෙතෙක් එවන්නක් සිදු වී නැති බවය. ගංවතුර, නියඟය, නාය යාම් සහ සැඩ සුළං හමුවේ සිදුවන අස්වනු පාළුවට වන්දි ගෙවිමක් සිදු වී නැතැයි කී ඇමතිවරයා ඉදිරි කාලය තුළ එවන් වන්දි ගෙවීම සඳහා කටයුතු කරන” බව ද කීය.
“ඉදිරි වැසි සමය තුළ, රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර, විපත් සඳහා මුහුණ දීමට යාන්ත්‍රික බෝට්ටු 10 කට ආසන්න ප්‍රමාණයක් තම අමාත්‍යංශය රත්නපුර දිස්ත්‍රික්කයට ලබා දී ඇතැයි කී ඔහු ඉතා නවීන ස්වංක්‍රීය වර්ෂාපතනය ගණනය කිරිමේ උපකරණ රැසක්, රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 17 ක පිහිටුවීමට ගත වු කාලය තුළ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හැකි වූ බව” කීය.
“කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවැරදි කාලගුණ අනාවැකි ලබා දීම සඳහා රුපියල් මිලියන 1,980 ක් වටිනා අති නවීන උපකරණ ලබා ගැනිමට මේ වන විටත් කැබිනට් අනුමැතිය ලැබි ඇතැයි” ද ගන්කන්ද මහතා මෙහිදි හෙළීදරව් කළේ ය.
මෙහිදි ප්‍රාදේශීය ලේකම්වරු සඳහන් කළේ, නාය යාම් වලින් පසු මෙන්ම, නාය යන බවට හඳුනා ගෙන ඇති ප්‍රදේශ වල පදිංචිකරුවන් ඉවත් කිරිම සඳහා විකල්ප ඉඩකඩම් සොයා ගැනීම බරපතල ගැටළුවක් බවය. නාය යාමේ අනතුරු වලට බොහෝ විට ගොදුරු වන්නේ වතුකරයේ ජනතාව බව කී ඔවුන්, එහෙත්, එවන් විපත් හමුවේ වුව, විකල්ප ඉඩකඩම් ලබා දීමට වතු සමාගම් බොහෝ විට ඉදිරිපත් නොවන බව ද සඳහන් කළහ.
රක්වාන එග්බර්ත් වතුයායේ නිවාස 80 ක් නාය යාමේ අනතුරට ලක්ව ඇතත්, අදාළ වතු සමාගම් විකල්ප ඉඩම් ලබා දීමට කටයුතු නොකරන බව කී ඔවුන්, ප්‍රාදේශීය ලේකම්වරු එම කටයුතු සඳහා ඉඩම් කොටස් 03 ක් පෙන්වා දී ඇතත්, එම ඉඩම් නිදහස් කිරිමට එම වැවිලි සමාගම් එකඟ වී නැතැයි ද කිය. ලංකා බේරිය පාසල පවත්වා ගෙන යන භූමිය ද නාය යාමේ අනතුරට මුහුණ පා ඇතත් එකී පාසල යළි ඉදි කිරිම සඳහා ඉඩම් කොටසක් ලබා දීම පවා එම වැවිලි සමාගම දිනෙන් දින අතපසු කරන බව ද කොළොන්න ප්‍රාදේශීය ලේකම්වරයා මෙම සාකච්ඡාවේ දී හෙළි කළේය. ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ ද තම බල ප්‍රදේශයේ නාය යාමේ අවධානම සහිත නිවාස 89 ක් පවතින බවය.
කුරුවිට කීරගල ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් ඇතැයි කී ප්‍රාදේශීය ලේකම්වරයා වල්ලපට්ට සඳහා ගහකොළ කැපීම නිසා මෙම තත්ත්වට තවත් උග්‍රව ඇතැයි ද කීය. වල්ලපට්ට සෙවීම සඳහා සීමාවකින් තොරව ගහකොළ කැපීම නිසා කීරගල ප්‍රදේශයේ දැවැන්ත ගලක් පහළට රූටා යාමේ අවදානමක් ඇතැයි කී ප්‍රාදේශීය ලේකම්වරයා එය එසේ වුවහොත් නිවාස 28 ක් විනාශ වනු ඇතැයි අනතුරු හැඟවීය. මෙකී අනතුරුදායක ගල පුපුරුවා ඉවත් කිරිමට රුපියල් ලක්ෂ 38 ක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇතැයි ද කුරුවිට ප්‍රාදේශිය ලේකම්වරයා සඳහන් කළේය.
ගලතුර සහ කුරුවිට ඇතැම් ප්‍රදේශ වල අකුණු වලින් සිදු වන හානි වළකාලීම සඳහා පොදු අකුණු සන්නායක ඉදි කිරිමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඔවුන්, පසුගිය වකවාණුවේ සබරගමු පළාත් සභාව එවන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ ද එම වැඩ පිළිවෙළ ද මේ වන විට අක්‍රියව ඇතැයි ද කීය.
මෙම සාකච්ඡාවට රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්වන්ද්‍ර , අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම යන මහත්වරුන් ඇතුළු එම දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම්වරු, ආපදා සහන සේවා, ආපදා කළමනාකරණ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කටයුතු කරන නිලධාරින් රැසක් සහභාගි වූහ.
AP/DMU-Ratnapura