එහි දී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය වරයා කියා සිටියේ ලබන සිංහල අවුරුද්දට පෙර මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ජනතාවට විදුලිය ලබා දීම සිදු කළ යුතු බවයි.
මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විදුලි බලය නොමැති ගෘහ ඒකක පවතින්නේ පන් දහසකට අඩු ප්‍රමාණයකි. එයින් මේ වන විට ගෘහ ඒකක තුන්දහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයකින් ඉල්ලුම් පත්‍ර ලැබී තිබෙන අතර ඒ අතරින් දෙදහසකට අධික ප්‍රමාණයකට මේ වන විට විදුලි සැපයුම ලබා දෙමින් පවතී. ඉදිරියේදී අනෙකුත් නිවාස සඳහා ද විදුලිය ලබා දීමට නියමිත ය.
අනවසර ඉඩම්වල වුව ද නිවසක් තනාගෙන හිසට වහලක් සහිතව පවුලක් ජීවත් වේ නම් අනෙකුත් නීති රෙගුලාසි කෙසේ වෙතත් අද වන විට මූලික අවශ්‍යතාවක් වශයෙන් සැලකිය හැකි විදුලි බලය ඔවුන්ට ලබා දිය යුතු බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.
සැමට විදුලිය ලබාදීමේ නව රජයේ වැඩපිළිවෙල යටතේ විදුලිය සම්බන්ධතාවයට සහ වයරින් කිරීම සඳහා රුපියල් හතලිස් දහසක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් වැය කොට අදාළ විදුලි පාරිභෝගිකයාට විදුලිය ලබා දී රුපියල් හයසිය අසූව බැගින් වූ මාසික වාරික හැත්ත දෙකකින් එය අය කර ගැනීමට මේ වන විට සැලසුම් කර තිබේ. මේ සඳහා ආදායම් මට්ටමක් සලකා නොබැලේ. වයරින් කිරීම හැර විදුලිය සම්බන්ධතා ගාස්තුව වන රුපියල් විසි දහස් පන්සියය වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමය දීර්ග කාලීනව පවත්වාගෙන යාමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය තීරණය කොට අති බව ද ඇමති වරයා කීය.
මේ අවස්ථාවට පළාත් සභා හා ප්‍රාදේශීය සභාවල ජනතා නියෝජිතයන් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී.විදානගමාච්චි මහත්මය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
AP/DMU-Matara