නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත දරුවෙකු රැක බලාගන්නා මවකට නිවසක් ඉදිකිරීම සදහා ''සැමට සෙවණින් නිවාස ආධාර

    මාර්තු 17, 2016

    ආබාධිත දරුවකු රැක බලාගන්නා 70 වන වියෙහි පසුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව, නෙල්ලියගම පදිංචි පී. ලීලාවතී මහත්මියට '' සැමට සෙවණ -  ගමින් ගමට දොරින් දොරට” වැඩසටහන යටතේ නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් 200,000 ක් වටිනා නිවාස ආධාර පිරිණැමීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ඊයේ සිදුකෙරිණි.

    මෙම ආධාර ප්‍රදානය බත්තරමුල්ලල සෙත්සිරිපායේ පිහිටි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.

     

    ලීලාවතී මහත්මිය තම අබාධිත මුණුපුරා සමඟ කටුමැටි ගැසූ අවදානම් සහිත පැල්පතක ජීවත් වේ. මේ පිළිබඳ පුවත් පතකින් ආනාවරණය වූ කරුණු පිළිබඳව සලකා බැලූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලීලාවතී මහත්මියගේ නිවස ඉදිකර ගැනීමට රුපියල් 200,000 ක නිවාස ආධාරයක් පිරිණැමිමට තීරණය කළේය.

     

    ඒ අනුව අමාත්‍යවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දීමෙන් අනතුරුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ  ‘සෙවණ” අරමුදල මගින් මෙම නිවාස ආධාරය පිරිනැමිම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya