නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික දෙනුන්ගෙන් වාර්තාගත කිරි නිෂ්පාදනයක්

    මාර්තු 17, 2016
    දේශිය දියර කිරි අවශ්‍යතාවයෙන් රට ස්වයංපෝෂිත කිරිමේ ව්‍යපෘතිය යටතේ පසුගිය වසරේ හම්බන්තොට රිදියගම ගොවිපළ වෙත අදියර දෙකක් යටතේ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද දෙනුන්ගෙන් මේ වන විට වාර්තාගත කිරි නිෂ්පාදනයක් ලැබෙමින් පවතින  බව ග්‍රාමිය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,මේ වන විට ආනයනික දෙනුන්ගෙන් පැටවුන් 1300 ක් පමණ බිහි වී ඇති අතර දෛනික කිරි නිෂ්පාදනය ලීටර් 20,000 පමණ වන බවයි. මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කිරි ලීටර් 1,069,500 ක පමණ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එම කිරි මිල්කෝ ඇතුළු පෞද්ගලික කිරි සැකසුම් ආයතන වෙත ලීටරය රු. 85 වැනි ඉහළ මිළට විකුණා රිදියගම ගොවිපල රු. මිලියන 91 ක පමණ ආදායමක් උපයාගෙන ඇති බවද පැවසීය.
     
    මෙයට අමතරව ගව ආහාර ලෙස අක්කර 1000 ක සෝගම් වගාව ද, බඩ ඉරිඟු අක්කර 100 ක පමණ හා උසස් පෝෂණතාවයෙන් යුත් තණකොළ අක්කර 200 ක ද මෙම ගොවිපලේ වගා කර තිබෙනවා .මේ සත්ව ආහාර නිෂ්පාදන වැඩසටහන නිසා වසර පුරාම දෙනුන් සඳහා ආහාර නොඅඩුව ලබා දීමට හැකියාව ඇති අතර ඉදිරියේදි මෙම වගාව තවත් ව්‍යාප්ත කරලීමට එම ගොවිපල කළමනාකරණය බලාපොරොත්තු වන බවද පැවසිය.
     
    ඉදිරියේදී ආනයනික දෙනුන්ගෙන් ලැබෙන පැටවුන් දිවයින පුරා පිහිටි සුළු පරිමාණ කිරි ගොවිපල වෙත සහනදායි මිලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වන අතර මෙමඟින් කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ආර්ථිකය ද ශක්තිමත් කරමින් දේශීය කිරි නිෂ්පාදන අවශ්‍යතාවය සපුරා ලීමට හැකිවනු ඇතැයි ද පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya