නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර පාරිභෝගික සතිය වෙනුවෙන් වැඩසටහන් රැසක් මාතර දී

    මාර්තු 16, 2016
    මාර්තු 15 සිට 20 දක්වා වන ජාත්‍යන්තර පාරිභෝගික සතිය වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික ජනතාව සහ පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.
    ඒ අනුව පාරිභෝගික සතිය ආරම්භ වූ ඊයේ (15) දිනයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අදාළ නීති රීති හා රැකවරණ පිළිබඳව පිටබැද්දර, අකුරැස්ස හා මාතර යන නගර කේන්ද්‍ර කර ගනිමින් ජංගම දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.
     
    මෙවර ජාත්‍යන්තර පාරිභෝගික සතියේ තේමාව වන “ආහාර වේලෙන් ප්‍රතිජීවක ඉවත්කරමු“ මැයෙන් මාතර - කඹුරුගමුව මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් දැනුම්වත් කිරීම ද සිදු කෙරිණි. මේ පිළිබඳවම අද දිනයේ මාතර - යටියන මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.
     
    ඊට අමතරව ඉදිරි දින වල  දී තිහගොඩ - පළොල්පිටිය කුරුඳු පුහුණු හා පර්යේෂණ ආයතනයේ දී හා මාතර දිස්ත්‍රික්කයේ නගරවල දී දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත් වේ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කලාප සහකාර අධ්‍යක්ෂ එස්. නන්දසිරි මහතා සහ දිස්ත්‍රික් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී පී.ආර්.කේ.එස්. බණ්ඩාර  මහතා ඇතුළු නිලධාරීන් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ක්‍රියාවට නංවති.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya