මේ වන විට ශ්‍රි ලංකාවට අයත් ගැඹුරු මුහුදේ ඇති මත්ස්‍ය සම්පතින් නෙලා ගනු ලබන්නේ 33% ක් පමණි. එහෙයින් ගැඹුරු මුහුදෙන් ලබා ගන්නා මත්ස්‍ය සම්පත වැඩි කර ගැනීම සදහා ලොකු ප්‍රමාණයේ යාත්‍රා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලිමට යොදවන ලෙසද අමාත්‍යවරයා ධිවර කර්මාන්තයේ යෙදී සිටින දේශිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කලේ පසුගියදා සී-නෝර් හෝටල් ශ්‍රවණාගාරයේ පැවති පළාත් ධිවර අමාත්‍ය සමුළුව හා ධීවර කර්මාන්තයේ වර්තමාන ගැටළු සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පළාත් සභාවන්හි ධිවර අමාත්‍යංශද එක් කර ගනිමින් ජාතික ධිවර ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙවර අයවැයෙන් අභ්‍යන්තර ජලාශ තුල මත්ස්‍ය සම්පත වැඩි දියුණු කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවද පැවසු අමාත්‍යවරයා කලපු 116 ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද පැවසීය.
AP