නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීඝ්‍රයෙන් වඳවී යන සතුන් 5 දෙනෙකු සංරක්ෂණයට

    මාර්තු 04, 2016
    සිඝ්‍රයෙන් වඳවී යන වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් සංරක්ෂණය කිරීම සඳහා වන සතුන් 05 දෙනෙකු හදුන්වාදෙන්නේ එහි එක් පියවරක් වශයෙන් බවත් තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
    ඒ අනුව උනහපුලුවා, කළු වඳුරා, කැබැල්ලෑවා, අශෝක පෙතියා, ගේ කුරුල්ලා යන සතුන් සංරක්ෂණය කළ යුතු සතුන් බවට හදුන්වාදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගැනීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවත් සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.
     
    සුමේධා ජී. ජයසේන මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ලෝක වනජීවී දිනය වෙනුවෙන් පසුගියදා උඩවලව ජාතික උද්‍යානයේදී පැවති ප්‍රධාන සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ”වනජීවී අපරාධයන්ට ඒරෙහිවීම යුතුකමකි. ඒසඳහා ඔබට අයිතියක් ඇත” යන තේමාව යටතේ උඩවලව ජාතික උද්‍යානයේ පවත්වනු ලබන මෙම වැඩසටහන ඉතාමත්ම කාලෝචිතයි. ලෝක වන ජීවී දිනය අද මුළු ලෝකයපුරා සමරද්දී අපත් එයට එක්වී තිබෙනවා.
    යයිද පැවසීය.
     
    අලිමිනිස් ගැටුම වැළැක්වීම සඳහා සත්ව මිනිස් සංහිඳියාව ඇති කරලීමේ පස් අවුරුදු වැඩපිළිවෙල සුමේධා ජී. ජයසේන මහත්මියට ඉදිරිපත්කරන ලද්දේ තිරසර සංවර්ධන හා  වනජීවී අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී මීගස්මුල්ල මහතා විසිනි.
     
    සංරක්ෂණය කිරීම සඳහා වන සතුන් නම් කෙරණු ග්‍රන්ථය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් අමාත්‍යවරිය වෙත පිලිගැන්වීමද මෙහිදී සිදු කෙරිණි.
     
    ලෝක වනජීවී දිනය තේමා කරගනිමින් වැල්ලවාය සහ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ තෝරාගත් පාසල් අතර පැවැත්වූ පෝස්ටර් චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්ට සුමේධා ජී. ජයසේන මහත්මිය අතින් ත්‍යාග සහ සහතික පත්‍ර ලබාදීමද මෙහිදී සිදුකෙරුනු අතර මෙදින උඩවලව මංසන්දියේ සිට ඇත් අතුරැ සෙවණ දක්වා පාසල් සිසුන්ගේ පාගමනක් සංවිධානය කර තිබුණේ වනජීවී අපරාධයන්ට එරෙහිවීම යුතුකමකි යන තේමාව යටතේය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකමි ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර යන මහත්වරු, ජනතා නියෝජිතයෝ පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක්  සහභාගීවීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya