අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්රිෂ්ණා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන යන මහත්වරුන්, අතිරේක ලේකම්වරුන් ආයතන ප්‍රධානීන් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්වූහ.
ලේ පරිත්‍යාගශීලීන් සියලුම දෙනා සඳහා අලංකාර MUG හා සහතිකයක් ද ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබුනි. ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයට රාජ්‍ය ආයතනයක් ලෙස ඉතා වටිනා දායකත්වයක් ලබාදෙන අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික ලේ බැංකුවේ නිලධාරීන්ගේ අගය කිරීමට ලක්විය.