නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා දිනයට කාන්තාවන් දස ලක්ෂයක් සවිබල ගැන්වීම ඇරඹේ

    මාර්තු 05, 2016

    ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයට සමගාමීව, කාන්තාවන් දස ලක්ෂයක් ආර්ථීක වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන දියත් කිරීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙහිදී දිවයින පුරා කාන්තාවන් දස ලක්ෂයක් තෝරා ගෙන ඔවුහු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පුහුණු කිරීමට හා තාක්ෂණික සහාය යටතේ සවිබල ගැන්වීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

     

    මෙමගින් එක් කාන්තාවක් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂයක අතිරේක ආදායමක් ලබා ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරෙන අතර, එමගින් ජාතික ආර්ථීකයට එකතු කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියනයක් පමණක් වන අතර  නිවසේ සිට සෙසු කාර්යයන් සිදු කරන අතරවාරයේ හෝ වෙනත් ස්ථීර හෝ අර්ධකාලීන රැකියාවක නියුතු වන අතරවාරයේ යොමු විය හැකි කර්මාන්ත කෙරෙහි කාන්තාවන් උනන්දු කිරීම මෙම වැඩසටහන මගින් සිදු කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඒ යටතේ ව්‍යාප්ත කළ හැකි දේ ලෙස- අපනයන කෘෂි බෝග වගාව, අපනයන මට්ටමේ සුරතල් මසුන් හා මත්ස්‍ය වගාව, ගෙවතු වගාවන් සහ මල් හා කොළ වගාව වැනි දේ හඳුනාගෙන තිබේ. මෙලෙස උත්පාදනය කරනු ලබන ඵල, නිසි අගය ධාමයකට යොමු කර අගය එකතු කිරීමකින් පසු ඉහළ මිළකට අපනයනය කිරීමට ද සැලසුම් කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    එසේම, මීට සමගාමීව මාස හතරක් තුළ අපනයන කෘෂි බෝග තවාන් දහසක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද දයා ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya