ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම ව්‍යපෘතියට අත්සන් තැබීමට ප්‍රධාන අමාත්‍යවරයාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා මහතාත් පළාත් සභාව වෙනුවෙන් අත්සන් තැබු අතර කොරියානු රජය වෙනුවෙන් එම සමාගමේ සභාපති කින්.ජී.වෝන් මහතා අත්සන් තැබීය.
ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යපෘතියට ඌව පලාත් පාලන ආයතන වලින් එකතුකරන කැලි කසල ගෙනවිත් ඒවායින් කොම්පොස්ට් පොහොර නිපදවීමටත් විදුලි ව්‍යපෘතියක් ආරම්භකර මෙගා වෝල්ට් දහසක් ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමට නියමිතය.
2016 වසරේදීම ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යපෘතිය තුලින් පළාතේ කසළ ප්‍රශ්ණයට විසදුම් ලැබෙන බවත් රැකියා අවස්ථා දහසක් පමණ ඌවට ලැබෙන බවත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
AP/DMU-Badulla