නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය රාජ්‍ය නිලධාරීන් ඇගයේ

    මාර්තු 01, 2016

    සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශයට අයත් ශ‍්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්ඩලයේ සමාජ ආරක්‍ෂණ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය සඳහා වැඩිම සාමාජිකයින් බඳවාගත් බදුල්ල දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇගයීමේ උත්සවයක් පසුගියදා බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවනාගාරයේදී පැවැති බව බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මෙහිදී 2014 වසර තුළ 50 ට වැඩි දායකයින් පිරිසක් බඳවාගත් නිළධාරීන් 07 දෙනෙකුට ඇගයීම් සහතික ප‍්‍රදානය කිරීමද විශ‍්‍රාම වැටුප් හිමියන් 17 දෙනෙකුට අදාළ විශ‍්‍රාම වැටුප් පොත් පිරිනැමීමද සිදුවිය.

    ශ‍්‍රී ලංකා සමාජ ආරක්‍ෂණ මණ්ඩලයේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ නීතීඥ නලීන් මහේෂ් පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දම්මික පාදුක්ක, බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් නිමල් අබේසිරි, අතිරේක දිස්ත‍්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් යන මහත්වරුන් මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයින් ලෙස එක්ව සිටියහ.

    දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya