නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගයෙන් පීඩාවට පත් රෝගීන් හට මුල්‍යාධාර....

    පෙබරවාරි 29, 2016
    වකුගඩු රෝගයෙන් පීඩාවට පත් රෝගීන්  පස් දෙනෙකු හට මුල්‍යාධාර ලබාදීම පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවර ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තණමල්විල සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි.
    එම රෝගීන් හට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සහනයක් ලෙස ඌව පළාත් ආණ්ඞුකාරවර අරමුදලෙන්  එක් රෝගියකු සඳහා රු.15,000/- ක  බැගින් මෙම මුල්‍යාධාර ලබා දී ඇත.
     
    එහිදී තණමල්විල ප්‍රදේශයෙන් අ.පො.ස. උසස් පෙළ උසස් ලෙස සමත් වී විශ්වවිද්‍යාල වරම් ලැබූ  ටී.ඩබ්.ඒ.ගයාන් ගීතාංජන  ශියෂ්‍යා හට රු. 20,000/- ක ශිෂ්‍යාධාරයක් ලබා දීමද ආණ්ඩුකාරවරයා අතින් සිදුවිය. 
     
    ඌව ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මියද, ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක මහතා ද එම අවස්ථාවට එක්වූහ.
     
    AP/DMU-Badulla
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya