අද සහ හෙට දිනද මහජන අදහස් ලබාගැනීම මෙහිදී සිදුකෙරෙන අතර ආචාර්ය එස්.විජේචන්ද්‍රන්, සුනිල් ජයරත්න, එස්.හපුආරච්චි සහ කාන්ති රණසිංහ යන මහත්ම මහත්මීන් මෙම මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස සහභාගි වේ.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
විවිධ ප්‍රජා සංවිධාන නියෝජිතයින් හා පුද්ගලයින් විශාල පිරිසක් මේ සඳහා අදහස් හා යෝජනා ලබාදීම පිණිස සහභාගිව සිටියහ.
AP/DMU-Badulla