නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව අවධානය යොමු කෙරේ

    පෙබරවාරි 23, 2016
    මාතර - කතරගම දුම්රිය මාර්ගය හා මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉදිරියේ දී ඇතිවිය හැකි කෘෂිකාර්මික හා වාරිමාර්ග ගැටළු  සම්බන්ධව අවධානය යොමු කරමින් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විශේෂ රැස්වීමක් පැවැත්විණි.
     
    මෙහිදී විශේෂයෙන් ම අවධාරණය කරන ලද්දේ අදාළ ව්‍යාපෘතිවල මුල් අවධිය වන මේ අවස්ථාවේ සිට ම අවධානයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවයි. 
     
    දැනට වැඩ නිම වී ක්‍රියාත්මක ත්ත්වයේ පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මාතර කොටසේ මාතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ ගණනාවක තවමත් නොවිසඳුනු කෘෂිකාර්මික හා වාරිමාර්ග ගැටළු රැසක් පවතින අතර ඉදිරියේ දී අදාළ බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කර කඩිනම් විසඳුමකට යායුතු බව ද මෙහි දී අවධානයට ලක් විය.
     
    මේ අවස්ථාවට කෘෂිකාර්මික හා වාරිමාර්ග ක්ෂේත්‍ර වලට අයත් වගකිවයුතු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
     
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya