නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ අටවිසි බුද්ධ පූජා පිංකමක්

    පෙබරවාරි 20, 2016

    වසර අනූ දෙක් පමණ පැරණි කෑගල්ල, දේවාලේගම, නාරංදේනිය ශ්‍රී නාගවනාරාම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පවත්වනු ලබන අටවිසි බුද්ධ පූජා පිංකම මේ මස අද (20) හෙට (21 අනිද්දා (22) යන තෙදින එම විහාරස්ථාන භූමියේදී පැවැත්වේ.

    මෙම පිංකම් මාලාවේ ආරම්භක දිනය  වන අද දින දින ප.ව 6.00ට අටවිසි බුදුපිළිම වහන්සේ උත්සවාකාරයෙන් වැඩම කිරීමේ පෙරහැර ජීවාන පුරාණ රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී නාගවනාරාම විහාරස්ථානය දක්වා පැවැත් වේ.

    සෙසු දින දෙක තුළ ප.ව.6.00 සිට අටවිසි බුද්ධ පූජාවන් සිදු කිරීමට නියමිත වේ.

    මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ මූල්‍ය දායකත්වය මත සිදු කෙරුණි. මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, විදුලිබල හා පුණර්ජණනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායක ඩබ්ලිව්. සෝමදාස, සබරගමුව පළාත් සභා මන්ත්‍රී, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂ සියඹලාපිටිය යන මහත්වරු සහභාගී වීමට නියමිත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya