අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ පවිත්‍රාගාරයේ ඉදිකිරීම් ඇරඹේ.

    පෙබරවාරි 18, 2016
    මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කරනු ලබන මහනුවර අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ පවිත්‍රාගාරය ඉදි කිරීම සහ අධි ජනඝණත්ව ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරිමේ සමාරම්භක උත්සවය නගර සැලසුම්  හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් 19 වැනි දින පෙ.ව. 9.30 ට ගන්නෝරුවේදී සිදු කිරීමට නියමිතය.
    මහනුවර ජනතාවගේ අපජල ගැටළුවට විසදුමක් වශයෙන් ඉදි කෙරෙන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා බිලියන 25 ක මුදලක් වැය කරනු ලබයි.  ව්‍යාපෘතිය සදහා ජපන් රජයේ අනුග්‍රහයෙන් බිලියන 15 කට ආසන්න මුදලක් ලබා දෙන අතර ඉතිරි බිලියන 15 ශ්‍රී ලංකා රජයෙන් වෙන් කර තිබේ.
     
    මහනුවර නගරය තුළ අප ජලය බැහැර කිරීම සදහා දැනට විධිමත් ක්‍රමයක් නොමැත. නිවැසියන් විසින් පුද්ගලිකව සකස් කර ගත් අපජලය බැහැර කිරීමේ ක්‍රම යොදා ගෙන තිබුනත් ඒවා බොහොමයක් අවිධිමත් තත්වයේ පවතී. මේ නිසා නගරය තුළ පවතින අවිධිමත් අප ජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මහනුවර වැව සහ මැද ඇල විශාල ලෙස අපවිත්‍ර වී තිබේ. අවසානයේදී ඒ සියළු අප ජලය මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි ජීවත්වන ජනතාවට පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල මූලාශ්‍රය වන මහවැලි ගගට මුසු වේ. මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් අපජල කළමනාකරණ ව්‍යාපෘතියක් ඉදි කෙරෙන්නේ මේ සදහා තිරසර විසදුමක් ලෙසය.
     
    ඒ අනුව මහනුවර නගරාශ්‍රිත ප්‍රදේශවල පිහිටි නිවාස වලින් බැහැර කරන අප ජලය නල මාර්ග වලින් ගෙන ගොස් ගන්නෝරුවේ ඉදි කරනු ලබන පවිත්‍රාගාරයක පිරිසිදු කර නැවත මුදා හැරීමක් සිදු කෙරේ. මේ නිසා මහනුවර වැව, මැද ඇල සහ මහවැලි ගඟ ඇතුළු ජල මූලාශ්‍රවල ජල දූෂණය වැලැක්විය හැකි අතර, ජනගහනය අධික ප්‍රදේශවල සනීපාරක්ෂක සහ සෞඛ්‍ය කටයුතු වැඩි දියුණු කිරීමටද හැකියාව ලැබෙනු ඇත.
     
    මෙම ව්‍යාපෘතිය මගින් මහනුවර නගරයේ හෙක්ටයාර් 733 ක ප්‍රදේශයක් ආවරණය කරන අතර, නගරයේ අධි ජන ඝනත්වයක් ඇති මහයියාව, දෙයියන්නේවෙල සහ ආටුපට්ටිය යන ප්‍රදේශ වල සනීපාරක්ෂක පහසුකම් වැඩ දියුණු කෙරේ. ව්‍යාපෘතියෙන් මහනුවර නගරයේ නිවැසියන් 55,000 කටත් දිනපතා මහනුවරට පැමි‍ණෙන 150,000 ක සංක්‍රමික ජනතාවටත්  ප්‍රතිලාභ ලැබෙන අතර, ව්‍යාපාර හා ගොඩනැගිලි 12,600 ක් ආවරණය කෙරෙයි. 
     
    මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල, සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල සහ නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මැති ඇමතිනියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
     
    AP/DMU-Kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya