අධි නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව සුනිල් ජයරත්න ,තේමිය හුරුල්ලේ , සිරමාසිරි හපුආරච්චි, ඩබ්ලිව්.කේ නදීකා දමයන්ති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.
මෙම කමිටුව අද හා හෙට පෙරවරු 9.30 සිට 4.30 තෙක් මහජන අදහස් හා යෝජනා ලිඛිතව ද වාචිකව ද ලබා ගැනේ.
කමිටුව හමුවේ මුලින්ම අදහස් දැක්වුයේ, අනුරාධපුර රාජ්‍ය සේවා විශ්‍රාමික එකමුතුවේ ලේකම් පියදාස පතිරණ මහතා ය. රජයේ විශ්‍රාමිකයනට වර්තමාන ව්‍යවස්ථාවෙන් තම විශ්‍රාමික වරප්‍රසාද හා ප්‍රතිලාභ හිමිකර ගැනිමට බාධා පවතින බව හෙතෙම පැවසීය. එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විශ්‍රාමික වරප්‍රසාද හා ප්‍රතිලාභ ලබාගැනිම තහවුරු කෙරෙන වගන්ති ඇතුලත් කරන ලෙස යෝජනා කරන බවද පතිරණ මහතා පැවසීය.
එහි සභාපති පියසේන දිසානායක මහතා අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ , පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ලෙස පත්වන පුද්ගලයින්ට අවම අධ්‍යාපන සුදුසුකම් පනවන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත්කල යුතු බවයි.
රාජ්‍ය සේවයට බදවා ගන්නා සියලුම නිලධාරීන් හා සේවක කාරකාදින්ට මෙම සුදුසුකම් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට තේරීපත්වන අයට අත්‍යවශ්‍ය වියයුතු යැයි දිසානායක මහතා පැවසිය.
මහාචාර්ය සි.එම්.මද්දුමබණ්ඩාර මහතා , කොළඹ වානිජ අග නගරය තව දුරටත් එළෙසම තිබියදී අනුරාධපුරය ජාතික පරිපාලන අග නගරය බවට වෙනස්කළ යුතු යැයි ද , රටේ අගනගරය කුමක් වියයුතු ද යන්න තහවුරු කෙරෙන වගන්ති ව්‍යවස්ථාවට එකතුකල යුතු බවද යෝජනා කරනවා යැයි පැවසිය.
අපේ පාර්ලිමේන්තු සංකිර්ණය මෙරටට ගැලපෙන ආකාරයට නිර්මාණය කළයුතු යැයි ද , එයද ව්‍යවස්ථාවට ඇතුලත් කරන්නැයි ඉල්ලා සිටි ඔහු ජාතිකත්වය සියලුම පුරවැසිනට එකසේ බලපාන අයුරින් නව වගන්ති ඇතුලත් කරන ලෙස ද යෝජනා කලේ ය.
AP/DMU-Anuradhapura