පසුගිය කාලය තුළ මොණරාගල දිස්ත්‍රික්කයේ විදුලි බලය නොමැති පවුල් රැසකට විදුලිය ලබාදීමට හැකිවූ බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද හැකිවූ බවයි.
1994 වර්ෂයේදී 9% ක් වූ විදුලිය හිමි සියඹලාණ්ඩුවේ පවුල් සංඛ්‍යාව මේ වන විට 98% දක්වා වැඩිවී තිබෙන බවත් විදුලිය නොමැති ඉතිරි නිවාස සඳහා අප්‍රේල් මාසය වන විට විදුලිය ලබාදීමට කටයුතු කරනවා.
එම සංවර්ධන ක්‍රියාදාමයන් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ග්‍රාමීය ආර්ථිකය හා ජන ජීවිතය නගා සිටුවීම සඳහා විදුලිය සැපයීම හා යටිතල පහසුකම් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.
නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා,සිඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයේ බුදුරුවහින්න, ගිගිරිඇල්ල, බිබිලියාය යොවුන් ගම්මානය යන ප්‍රදේශවල නිවාසවලට විදුලිය ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගීවෙමිණි.
කොටි ත්‍රස්තවාදය පැවති කාලයේදී මේ ගම්මානවල ජනතාව හිටියේ දැඩි බියකින්. ඇතැම් ගම්මානවලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුණා.එවැනි තත්වයක තිබුණු ගම්මාන අද මේ ආකාරයෙන් දියුණුවීම ඉතා වැදගත් යනුවෙන්ද නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
අඩු ආදායම්ලාභී විදුලිය නොමැති පවුල් සඳහා විදුලි සම්බන්ධතාවය ලබාගැනීමට හා නිවසේ විදුලි පරිපථ සැකසීම (වයරින් කිරීම) සඳහා රුපියල් 40ල000ක ණය මුදලක් ලබාදෙන්නේ ඉතාම අඩු පොලියකට.
එම වාරික එකතු කරන්නේ මාසික විදුලි බිලටග මෙම සහනය ලබාදීම නිසා අඩු ආදායම්ලාභී පවුල්වලට විදුලි බලය ලබාගැනීමට විශාල සහනයක් හිමිවෙනවා.බුදුරුවහින්න විදුලි යෝජනා ක්‍රමයට රුපියල් දෙකෝටි තිස්තුන් ලක්ෂයක්ද ගිගිරිඇල්ල විදුලි යෝජනා ක්‍රමයට රුපියල් කෝටියකට ආසන්න මුදලක්ද බිබිලියාය යොවුන්ගම්මානය විදුලි යෝජනාක්‍රමයට රුපියල් එක්කෝටි පනස්පන් ලක්ෂයක මුදලක්ද වැය වී තිබේ. මෙම විදුලි යෝජනා ක්‍රම 3ම ක්‍රියාත්මක කළේ සුමේධා ජී.ජයසේන අමාත්‍යවරියගේ ඉල්ලීමක් අනුවය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා යන මහත්වරු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මෙ අවස්ථාවට සහභාගීවුහ.