ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය රුපියල් බිලියන හතන වියදමින් ජල ව්‍යාපෘති 39 ක් දිස්ත්‍රික් පහක ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මෙම ව්‍යාපාති ක්‍රියාත්මක කෙරේ. මෙහි පළමු අදියර යටතේ උතුරු මැද පළාතේ වැලිකන්ද ,හිගුරක්ගොඩ තමන්කඩුව හා මිහින්තලේ ජල ව්‍යාපෘති 5ක්ද මහියංගනය, විල්ගමුව, හා වයඹ පළාතේ නිකවැරටිය ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය.
දෙවන අදියර යටතේ තිරප්පනේ කැකිරාව තමන්කඩුව ,හිගුරක්ගොඩ , සහ මිහින්තලේ සහ ඉබ්බාගමුව යන ප්‍රදේශයන්හි ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
තුන්වන අදියර යටතේ උතුරුමැද ,මධ්‍යම ,වයඹ හා ඌව පළාත්වල කැකිරාව තමන්කඩුව හිගුරක්ගොඩ ,නුවර ගම්පළාත, පදවිය, කැබිතිගොල්ලෑව, දඹුල්ල, මාතලේ ගනේවත්ත,නිකවැරටිය ගල්ගමුව, කරුවලගස්වැව්, තබ්බෝව,මහියංගනය, තණමල්විල බුත්තල, හා රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හිද මේ යටතේ ජල ව්‍යාපෘති ආරම්භ වීමට නියමිතය.
AP