සැමරුම් උළෙලට සමගාමීව දිවංගත ජනාධිපතිවරයා නමින් මුද්දරයක් නිකුත් කිරීමද එදින සිදුවිය. සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලද අතර හිටපු අගමැති දී.මු ජයරත්න, මහමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරි ඇල්ල, ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය වජිර අබේවර්ධන, කථානායක කරු ජයසුරිය යන මැති ඇමැතිවරුන් විසින් සභාව ඇමතීය.
මෙම අවස්ථාවට දිවංගත ජනාධිපතිවරයාගේ දියණිය ඇතුළු ඥාතීන්ද, තැපැල් අමාත්‍ය ඒ.එච්.එම්.හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රි ලකී ජයවර්ධන ඇතුළු මැති ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරින්ද ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
AP/DMU-Kandy