නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිම කළ නොහැකි කීර්තියක් ක්‍රීඩාවෙන් ලැබෙනවා - ඇමැති රංජිත් සියඹලාපිටිය

    පෙබරවාරි 15, 2016

    ක‍්‍රීඩාව ජාතික තලය දක්වා ඔසවා තැබීමට කෑගල්ල දිස්ත‍්‍රික්කයට නව ගෘහස්ත ක‍්‍රීඩාංගනයක් ලබා දෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


    කෑගල්ල දිස්ත‍්‍රික් වොලිබෝල් සම්මේලනයට සහභාගීවෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ජාතික තරුණ සේවා සභාවෙන් වොලිබෝල් ක‍්‍රීඩාවට විශාල මෙහෙයක්  සිදු වූ බවත් දශක කිහිපයක සිට වොලිබෝල් ක‍්‍රීඩාව ගොඩගන්න, හඳුන්වාදෙන්න, ගමේ සැගවිලා සිටින දක්ෂයින් ජාතික තලයට ගෙන ඒමට තරුණ සේවා සභාව අති විශිෂ්ට උත්සාහයක් ගත් බවත් අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

     

    ක‍්‍රීඩාව  නිමකළ නොහැකි කීර්තියක්  ගෙන එන සාධකයක් වන අතර දේශපාලනයට වඩා ඉහළ මට්ටමේ කීර්තියක් ක්‍රීඩාවෙන් ගෙන එන බවත් දේශපාලඥයෙක්ගේ කීර්තියට අනෙක් පැත්තෙන් විරුද්ධ මහා බලවේගයක් ගොඩ නැගෙ නමුත් ක‍්‍රීඩකයෙක්ගේ කීර්තිය සැම දෙනාම සැහැල්ලුවෙන් ප‍්‍රීතියෙන් ඒකාත්මිකව අගය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    මෙම අවස්ථාවට පළාත්සභා මන්ත‍්‍රී නිහාල් ෆාරුක්, පොලිස් ස්ථානාධිපති, ජාතික තරුණසේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya