මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රතිපත්ති අවබෝධ කරගෙන සහයෝගයෙන් වැඩ කළොත් පළාතේ ජනතාව දිනවිය හැකියි.-මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල

    පෙබරවාරි 17, 2016
    අපගේ ප්‍රධාන අරමුණු විය යුත්තේ මධ්‍යම පළාතේ ජනතාවගේ ජීවන තත්වය උසස් මට්ටමකට පත් කිරීමයි. අපගේ පොදු අභිලාෂය විය යුත්තේ පළාතේ සමස්ත ජනතාව එකම පවුලක් ලෙස ඥාතිත්වයෙන් වෙලී බැදී සිටුනු දැකීමයි. ඒ සදහා අප සියළු දෙනා පොදු අරමුණින් යුතුව කැපවන බවට ප්‍රතිඥා දී ඇති බව මධ්‍යම පළාත් ආණුඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය පවසයි.
    ආණ්ඩුකාරවරිය මෙම අදහස් පළ කළේ ඊයේ මධ්‍යම පළාත් සභාවේ හයවැනි සභාවේ සිව්වැනි සැසිවැරෙයේ 2016 වර්ෂය සදහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.
     
    එහිදී තව දුරටත් අදහස් දැකුවූ ආණ්ඩුකාරවරිය මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති ගැඹුරින් අවබෝධ කරගෙන ඒවා මධ්‍යම පළාතේ ජනතාවගේ සමාජ, ආර්ථික, දියුණුව පිණිස සාධනීයව සහ සක්‍රීයව යොදා ගැනීම කෙරෙහි පළාත් සභාවේ අවධානය යොමු කළ යුතු බව පැවසූවාය. එවැනි වැඩපිළිවෙලකින් ඉදිරි වසරේදී මධ්‍යම පළාතේ ජනතාවට ජයග්‍රහන රැසක් ලබා දිය හැකි බවද පෙන්වා දෙන ලදී.
     
    ජල පරිභෝජනය ගැන සදහන් කළ ආණ්ඩුකාරවරිය පෙන්වා දුන්නේ ඉදිරියේදී ජලය සම්බන්ධයෙන් උද්ගත වන සංකීර්ණ තත්වය අවබෝධ කරගෙන ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනය කිරීමට ජනතාව හුරු පුරුදු කිරීම අතිශයින්ම වැදගත් බවයි. එමෙන්ම මධ්‍යම පළාතේ නිතර නායයෑම් වලට ලක්වන ප්‍රදේශ හදුනාගෙන වාර්ෂිකව සිදු වන නායයෑම් වලක්වා ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සෙවීමේ නිසි ක්‍රමවේදයක් සකස් කර ගැනීමද 2016 වසරේ ප්‍රමුඛත්වයේලා සැලකිල්ලට ගත යුතු කාර්යයක් බවද මෙහිදී ඇය පෙන්වා දෙන ලදී.
     
    පළාතේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම පළාත් සභාවේ අරමුණ බවත් ඒ සදහා පළාතේ ආහාර බෝග නිෂ්පාදනය දිරිමත් කළ යුතු බවත්, ගොවීන් සදහා අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් පැවසූ ආණ්ඩුකාරවරිය මාර්ග සංවර්ධනය, යටිතල පහසුකම් සැපයීම, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වතු යටිතල පහසුකම් වැනි ‍අංශ කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව පැවසුවාය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya