මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් පළ කෙළේ දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් කළමණාකරණය පිළිබද පැවති රැස්වීම්ක් අමතමිනි.
දිසා ලේකම් කාර්යාලයිය රැස්වීම් ශාලාවේදි පැවති මහජනයාගේ දැවෙන ප්‍රශ්නයක් වන ඉඩම් ප්‍රශ්නයේ දී ඇතැම් නිලධාරීන් ඉඩම් නීතීය පමණක් සලකා කටයුතු කිරීම හේතු කොටගෙන අදාල ඉඩම්වල පදිංචි ජනතාව බලවත් අපහසුතාවයට පත්ව ඇති බවත් සදහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා පවුලේ දරුවන් අතර ආරවුල් ඇති වීමට පවා මේ තත්ත්වයන් බලපා ඇති බවද පෙන්වා දුන්නේය.
ඇතැම් පදිංචි කරුවන්ට ණය පහසුකම් ලබාගැනීම, විවාහ කටයුතු ඇතුළු අත්‍යාවශ්‍ය කාරණා වලදි ඉඩමේ හිමිකම් පත්‍ර නොමැති කම ප්‍රශ්නයක්ව පවතින බව සදහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා එම නිසා බලපත්‍ර ඔප්පු දීමනා පත්‍ර ලබාදීමේ දී පදිංචිය සහ අයිතිය තහවුරු කර ගැනීම පිණිස දරුවන්ගේ උප්පැන්න සහතික, පදිංචි ලිපිනයට ලැබී ඇති ලිපි, ආදි ද්විතික මුලාශ්‍ර රැසක් ඒ සදහා සළකා බැලිය හැකි බව ද පෙන්වා දුන්නේය.
මෙම රැස්වීමට ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු ඉඩම් විෂයට අදාල නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතැම් අවස්ථාවල ඉඩම් කටයුතුවල දී අල්ලස් ගැනීම් පිළිබද වාර්තා වී තිබෙන බවත් එසේ අල්ලස් ගත් නිලධාරීන්ගේ රැකියා අහිමි වූ අවස්ථා ඇති බවත් කීය. ඉඩම් සම්බන්ධ කටයුතවලදී අල්ලස් පිළිබද වාර්තාවන අවස්ථාවලින් පැහැදිළි වන්නේ ඉඩම් නීතිය තුළ කළ හැකිව තිබූ කටයුත්තක් අල්ලස් ගැනීමේ චේතනාවෙන් නොකළ සිට ඇති බවක් බව ද කී ය.
මුදල් කළ හැකි රක්ෂණ සහතික, චෙක්පත්, මෙන්ම ඉඩම් ඔප්පු ද සාධාරණ කාලයකින් ඔබ්බට ළග තබා ගැනීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බව ද පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා ඒවා හැකි ඉක්මන් අදාල පාර්ශව වෙත ලබාදිය යුතු බව ද පෙන්වා දුන්නේ ය.
කෙසේ වෙතත් ඉඩම් රාජකාරිය සාමූහික රාජකාරියක් වන බැවින් අදාල විෂයට සම්බන්ධ සියලු නිලධාරීන් ඒකාබද්ධව ඉතා කඩිනමින් මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසදා අදාල හිමකම් පත්‍ර ජනතාවට ලබා දීමට කඩිනමින් කටයුතු කළ යුතු බවට ද මෙහිදී අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
AP/DMU-Matale