නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන සතියක්

    පෙබරවාරි 12, 2016
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මේ යටතේ දිස්ත්‍රික්කයේ අතුරු මාර්ග සංවර්ධනය, සංවර්ධන ව්‍යපෘති ආරම්භ කිරීම, වැඩ අවසන් කළ සංවර්ධන ව්‍යපෘති ජනතා අයිතියට  පත් කිරීමට නියමිතය.
    එසේම නව සංවර්ධන ව්‍යපෘති රැසක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
     
    මෙවර අ.පො.ස.(උ/පෙ) විභාගයට පෙනී සිට විශ්ව විද්‍යාල වරම් ලැබූ තංගල්ල අන්ඳ විද්‍යාලයේ සියලු සිසු දරු දැරියන්ට උසස් අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීමද, බ්‍රේල් ක්‍රමයට පරිශීලනය කළ හැකි බ්‍රේල් මෘදුකාංගය ඇතුලත් කළ ලැප්ටොප් පරිගණක විශ්ව විද්‍යාල වරම් හිමි කරගත් එම විද්‍යාලයේ සියලු දරු දැරියන්ට ලබා දීමට නියමිතය.
     
    ඊට අමතරව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යපෘති හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමටද  සැලසුම් කර ඇති අතර විශේෂ ආගමික වැඩසටහන් රැසක්ද මෙම සංවර්ධන සතියට සමගාමිව 16 වෙනිදා සිට 21 වෙනිදා දක්වා සිදුකිරීමට නියමිතව තිබේ. මේ යටතේ 17 වෙනිදා උදෑසන 9.00 ට තංගල්ල කොටුවේගොඩ ඓතිහාසික වැල්ලේ බෝධීන් වහන්සේගේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර 18 වන දින පස්වරු 4.30  තංගල්ල  ඓතිහාසික හේනකඩුව රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරනු ලබන සංඝාවාසයට මුල්ගල් තැබීමද අමාත්‍යවරයා අතින් සිදුකිරීමට නියමිතව ඇත.
     
    එදිනම පස්වරු 5.00 ට  ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජයටත් සමස්ත රටවැසියාටත් සෙත් පතා බෝධිපුජා පිංකමක් පැවැත්වීමට කටයතු යොදා ඇත. එදිනම පස්වරු 6.00 හේනකඩුව ශ්‍රී ස්කන්ධ කුමාර කඩදොර දිව්‍යරාජ භවනේදී විශේෂ දේව පූජාවක්ද පැවත්වේ.
     
    20 වන දින පෙරවරු 11.00 පල්ලේමලල පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල් තැබීමද සිදුකිරීමට නියමිත අතර 20 හා 21 යන දෙදින පුරාද තවත් ආගමික වැඩසටහන් රැසක් සිදුකිරීමට නියමිතය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya