මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා සහභාගී විය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි , අතිරේක දිසාපතිවරුන් වන සමන් බන්දුලසේන , ප්‍රසන්න මදනායක , යන මහත්වරුන් ඇතුළු ආයතන ප්‍රධානී හු රැසක් සහභාගී වුහ.
අනුරාධපුර බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු හා උතුරු මධ්‍යම දෙපලතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියෝ , බෞද්ධාගමික වතාවත් සිදුකලහ. හිංදු , ක්‍රිස්තියානි හා ඉස්ලාම් සර්ව ආගමික වතාවත් ද මෙහිදී සිදු කෙරිණි.
අනුරාධපුරයේ මධ්‍ය විද්‍යාලයීය සිසුහු හා සහිරා මහා විද්‍යාලයේ සිසුහු ජාතික ගීය හා තුර්ය වාදන ඉදිරිපත් කලහ.
DMU_Anuradhapura