ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ (04) පැවති 68 වන නිදහස් දිනයට සමගාමීව මාතලේ දිස්ත්‍රික් වැඩසටහනේ විශේෂ දේශනයකට සහභාගි වූ අවස්ථාවේදීය.
රටේ ඉදිරි ගමන ගැන සිතිමට කාලය එළඹ ඇති බවත් නිරෝගිමත් ජාතියක් ලෙස ජාතිකාභිමානයෙන් ඉදිරියට යා යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
රටේ අනාගත පරපුර වන දරුවන් මේ වැඩසටහන්වලදී අගය කිරිමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා දරුවන්ට වන අනතුරු හිරිහැර කරදර අඩු කර ගැනිමට දෙමාපියන් කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.
මෙම උත්සවයට සමගාමීව සමාජ සත්කරක සේවයක් ලෙස පාසල් දරුවන් 75 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදා දිමත් නොමිලේ දේශිය හා බටහිර වෛද්‍ය සායනයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන තේජානි තිලකරත්න මහත්මිය සහ ඉෂාන් විජේතිලක මහතා ඇතුළු රජයේ නිලධාරින් ,වෛද්‍යවරුන්, පාසල් දරුවන් සහ දෙමාපියන් සහභාගි වූහ.